Friday, December 21, 2012

කොහොම අමතක වෙන්නද 1


රට වටේ රවුම් ගහන අපේ තවත් කතාවක්.......

දිනයනම් අමුතුවෙන් කියන්න ඔනේ නැ.ඔය උඩ පොටො එකේ තියෙන්නේ(2012.10.02/03).ගමනට එකතු උනේ හතර දෙනයි.ගමන ඉවර කලේනම් ඉතින් දෙන්නයි.මුළු ගමනම ගියේ අපේ තනියට ලග ඉන්න බයික් එකේ තමා.එකේ කිව්වම 2ක් ගියා.කෙලින්ම කතාවට බහිමු එහෙනම්.


අපි ගමන පටන් ගත්තේ මිනුවන්ගොඩින්.
ගමන් මාර්ගය.
මිනුවන්ගොඩ>නිට්ටඹුව>කැගල්ල>කඩුගන්නාව>නුවර>මහිය0ගනය>ගිරාදුරුකොට්ටේ>දෙහිඅත්තකන්ඩිය>

අරලගන්විල>දිඹුලාගල>සොමාවතිය>පොළොන්නරුව>හබරණ>දඹුල්ල>කුරුණැගල>මිනුවන්ගොඩ

 

 උදැසනට කඩුගන්නාවේ අසිරිය.

 දිගටම කියවන්න  Read more බොත්තම ඔබන්න

 

දහ අට ව0ගුවේ අපේ සෙට් එක.වෙලාව පෙ.ව.10.30යි

දහ අට ව0ගුව ලස්සන වෙලා

මීළග නැවතුම්පල මහිය0ගනය දාගැබ.බුදුන් පහස ලද මහිය0ගනය

පළමු දවසේ ගමනාන්තය අරලග0විල.අරලග0විල යලුවෙක්ගේ ගෙදරක තමා රැට නවාතැන් පහසුකම් සැපයුනේ.ඒ ගම්වල මිනිස්සු හරි නිහතමානි අය.එකත් නොකියාම බැ.අපි හවස U ඇල කියන එකෙන් නලා එහෙම යාලුවගෙ ගෙවල් වල ඉදල 10 km විතර දුරින් තියෙන දිඹුලාගල පන්සල බලන්න ගියේ මෙහෙමයි.

දිඹුලාගල විහාරය

දිඹුලාගල පන්සලේ අහස් මාළිගයට යන අතරතුර... පොටො එකේ වටේ තියෙන්නේ දේවතා එළි එහෙම නෙමේ ඔන්න.දුවිලි ඇවිස්සිලා

 අහස් මාළිගය

දන්නෙම නැතුව වෙලාව ගිහින් රැත් උනා.කවුරුහරි දිඹුලාගල පන්සල් යන්න හිතන් ඉන්නවානම් ටිකක් කලින් යන්න.නැත්නම් රැ උනාම අහස් මාළිගය බලන්න යන එක ටිකක් අවදානම්. දිඹුලාගල පන්සලෙන් අපි පිටත් වෙද්දි රැ 8 විතර උනා.දැන් ඉතින් ඇගට හොද ගනන්.

 

 රැ 9ට යාළුවගේ ගෙදරදි කට්ටිය වැටුන වැටුන තැන් වල.

 ගමන දවස් දෙකයි.එක නිසා දෙවෙනි දවසින් හමුවෙමු.කොහොම අමතක වෙන්නද 2 ළගදීම..හොදම හරිය එකේ තමා ඉතින්

                                                     බුදු සරණයි !!


2 comments:

  1. කව්ද බොලේ මේ සෙට් එක....

    ReplyDelete