Friday, September 16, 2011

අපේ කට්ටිය දුන් බෙලිමල් පානය...

පසුගිය දොහේ සිදුවීම් බොහොමයක් අතුරින් තවත් සුන්දර සිදුවිමක් මෙසේ සටහන් කරමි..

දිනය 2011 ජුලි 15( පොසොන් පොහොය දින )

පොසොන් පොය දින සුන්දරම සිදුවිම නම් අප මිතුරන් පිරිස විසින් පළමු වතාවට දන්සලක් දිමට මුල පිරිමය....දන්සලක් දිමට වඩා සියල්ලන්ගේම සිත් වල උයේ දෙන්නෙ මොනවද කියාය..අවසානයේ සියල්ලගෙ අදහස පරිදි බෙලිමල් දන්සලක් දිමට සුදානම් උනෙමු..අපි අපේම ආධාර ඇතිව දන්සල දිමට මුල පිරුවේද මේ අතරෙදිය..



දන්සලේ වැඩ කරන්නන් හා වැඩ බලන්නන්...

මෙයාලනම් ඉතින් හාරන තරමක් හෑරුවේ වලවල්ම තමා
කොච්චර කලත් අපිට ලොකුම බඩිගින්න..
කට්ටියක් නම් මේක කැවා.තව කට්ටියක් කැවේ නැ කාල ඉවරවෙලා ප්‍රතිඵල බයානක වෙයි කියලා
කිව්වේ නම් පරිප්පු කියලා කිරි හොදි කෑවා වගේ..මාර රහයි

ඔන්න දැන් තමයි දන්සල පටන් ගන්නේ ..වෙලාවනම් පොය දවසේ හවස 4 ට විතර ඇති.අපේ යාලුවේ ඔක්කොම එකතු වෙලා අපේ වැඩේ පටන් ගත්තා



වැඩ වගේම  සද්දේත් තිබ්බා..

හා හා පුරා කියලා පටන් ගත්තු අපේ වැඩේ ඉවර උනේ රැ 10ත් පහු වෙලා..අපිටත් ඇත්තටම මාර සතුටක් තිබ්බේ අපේ පළවෙනි දන්සල අති සාර්ථක උන හන්දා..

සාර්ථක ආරම්භයක පළමු පියවර මෙසේ නිමාවිය...

Tuesday, May 3, 2011

මිනිසත් බව ලැබීම





මිනිසත් බව ලැබීම ඉතා අපහසුය
එසේ උපන් මිනිසෙක්ට තිරිසෙනෙක් ලෙස ජිවත් වීම පහසු වුවද,
මිනිසෙක් ලෙස ජිවත් වීම අපහසුය..

Thursday, April 28, 2011

අතිතය සොයාගිය අපේ කට්ටිය


යාලුවනේ ඔන්න ඉතින් අපේ සෙට් එකේ එකෙක්ට නිදහසේ trip එකක් යන්න ඔනේ උනා.බස් එකේ යන්නත් බෑ කෝච්ච්යේ යනත් බෑලු.අපිත් එතින් ඇහුවා කොහෙද යන්න ඔනේ කියලා.මේකා කියපි කිතුල්ගල යන් කියලා.එකටත් මොකද කිලොමිටර් 100ක් විතර පුටාර් එකේ.උගේ නිදහස ගැන හිතලා මගේ නිදහස පැත්තකින් තිබ්බා.උදේ පන්දරම දෙයියනේ කියලා අපිත් පාරට බැහැලා පාගනවා.


අතර මගදි හමුවු කැළණි ගග
අතර මගදි පොඩි අබැද්දියක්
මේ තමයි කිතුල්ගල බෙලිලෙනට යන පාර


බෙලිලෙන ඇතුලත

කිතුල්ගලදි කැළණි ගග

අපේ කට්ටිය