Wednesday, January 2, 2013

අලවල මානවයා සොයා....

දිනය-2012 දෙසැම්බර් 27 පොය දවස
මේ ගමනට එකතු වුනේ මගේ ස්කොලේ බාලදක්ෂ සෙට් එකේ කට්ටිය තමයි.එකනේ ඔය උඩ පොටො එකේ ලොකුවට ගහලා තියෙන්නේ.

ගුගල් සිතියමේ අලවල ලෙන පෙනෙන අකාරය.පේනවා වගේම කැළැව තමා
ඔය නිල් පාටින් තියෙන්නෙ අත්තනගල්ල පන්සල ගාව ඉදලා අලවලට යන පාර.

මානවයාව හම්බෙන්න යන අතරතුර.

හරියටම පාරක් කියලා එකක්නම් නෑ.කවුරුහරි යන්න හිතන් ඉන්නවනම් කලින් ගියපු කෙනෙක් එක්ක යනවනම් තමා හොද.ගමේ අය වුනත් මේ තැන ගැන දන්නවා අඩුයි.

කටු අකුල් මතින් ඉදිරියටම
අමාරුවෙන් අමාරුවෙන් හොයපු තැන හම්බුනා.මෙතන තමා මීට අවුරුදු 37000 කට කලින් මිනිසා ජිවත් වුනා කියන්නේ.

මෙතනින් මේ දේවල් හම්බුනා කියනවා.ගූගල් එකේ ටිකක් හොයලා බලද්දි දැක්කේ
අතීතයේ මිනිසුන් අහාරයට ගත්බවට සැලකෙන ගොළුබෙල්ලන්ගේ ඉතිරිව ඇති බෙළිකටු.
සOක්‍රමනිකයො

අලවල ලෙන පිටිහි ගල් තලාව මුදුන බලා.
මේ පැත්තනම් පරිසර සුන්දරත්වය අතින් ඉතා ඉහලයි.
අදටත් ජිවත් වෙන අතීතයේ අහාරයටගත්බවට සැලකෙන ගොළුබෙල්ලන්
වෙලාව කෙමෙන් කෙමෙන් ගෙවිලා යන නිසා අපිත් අලවල මානවයට සමු දීලා පල්ලම් බහින්න පටන් ගත්තා ආයෙත්..මෙහෙම තැනක් දැක්කම නිකන් ඉන්න පුළුවන්ද

අතරමගදී හමුවන සුන්දර දියකඩිති
දවල්ට කන්න කලින් නෑවේ නැත්නම් මොකක්ද වගේනේ.ඒක නිසා කොකටත් කියලා නෑවා.
මේ තියෙන්නේ අත්තනගළු ඔය.

 අදනම් හොදට නා ගත්තා.නැවතත් නිවෙස් බලා 
ඔන්න ඔහොමයි ඒ ගමනත් ඉවර වුනේ.සටහන ඉවර කරන්න කලින් මේදේත් කියන්නම්.රට වටේ ඔනේ තරම් ඇවිද්දට කමක් නෑ.හැබැයි පරිසරය සුරකින්න.
                                           

                                          බුදු සරණයි! ! !

Tuesday, January 1, 2013

2013 ටත් ආවා....

මොනවා කියන්නද 2012ට වඩා සුභ වසරක් 2013 වසර වේවා කියනවා ඇරෙන්න.
මගේ බ්ලොග් යාළුවන්ටයි.මිතුරො හැමොටමයි හතුරො හැමොටමයි(දෙන්නෙක්ට ඇරෙන්න ) 2013 වසර සුභම පැතුම් ඉටුවන වසරක් වේවා! ! ! !

නැතිවීමක් ඇත්නම් ලැබීමක් ද ඇත
ලැබීමක් ඇත්නම් නැතිවීමක් ද ඇත 
2012-2013 කියා නැත ජීවිතය මෙයයි.

                                       හැමොටම සුභ වේවා! බුදු සරණයි!