Saturday, December 22, 2012

කොහොම අමතක වෙන්නද 2

  කොහොම අමතක වෙන්නද 1

ගමනේ දෙවෙනි දවසත් උදාවුනා.වේලාව පෙ.ව5.50යි.

අප සොමාවතිව පුදබිම කරා ගමන් ඇරඹිම සදහා මිතුරාගේ නිවසට සමු දිමට කාලය උදාවී ඇත.

ඊයේ කළුවරේ නාපු U ඇල

අපේ පැති වලට වැලි එන්නේ මෙහෙන් තමයි.මනම්පිටිය

දිගටම කියවන්න  Read more බොත්තම ඔබන්න

 

 උදැසන හිරු කිරනින් නැහැවෙන මනම්පිටිය පාලම

සොමාවතියට යන අතරතුර විවේකයක්


බෞද්ධයාගේ උරුමයන් කියා පාන සොමාවතිය සෑ රදුන්

සුන්දරත්වය


 

සොමාවතියෙන් පොළොන්නරුව බලා>>>>

සොමාවතියෙන් එන ගමන් කඩේකින් උදේට කාලා පොළොන්නරුවට උදේ 10.15ට විතර එන්න පුළුවන් වුනා.

පරාක්‍රමසමුද්‍රය-පොළොන්නරුව



පරාක්‍රමසමුද්‍රයේ කොනක නිහඩව බලා හිදින පරාක්‍රමභාහු පිළිරුව

අළු වුන ඉතිහාසය-පරාක්‍රම රජ මාළිගය

 මේවා දකිද්දි මේවට ගිනිතියපු කාලිOග මාගලගේ !@## මතක් වෙනවා.


කවුද යකො මාව පොටො ගන්න එකා


පොළොන්නරුව වටදාගෙය


පොළොන්නරුව වටදාගෙ පොලර් පැනොරාමා එකක්.ඔන්න වටේම කැරකිලා බලන්න ගිහින් බෙල්ල කඩාගෙන මට බනින්න එපා


ගල් පොත.මෙකනම් කොහොම ලිව්වද මන්ද


රන්කොත් වෙහෙර

ගල් විහාරය

මුළු ගල් විහාරයම පෙනෙන පැනොරාමා ඡායාරුපයක්

නෙළුම් පොකුණ.කොළඹ එක නෙමේ ඔන්න.මේ පොළොන්නරුවේ එක

සOරක්ෂණය වෙමින් පවතින් තිවOක පිළිම ගෙය.

 දන,උකුල,උරහිස නැමුණු ආකාරයට පිළිමය නෙළා ඇති නිසා තිවOක පිළිමගෙය ලෙස හදුන්වයි.



දැන් වෙලාව ඇවිල්ල බඩිගිනි වෙලාව.(ප.ව 1.10යි )තිවOක පිළිමගෙයින් නැවතත් පොළොන්නරුව නගරයට කඩාවැටුනු අපි.

 කට්ටිය දවල්ට කන්න තමා හදන්නේ

 

පැවිල්ල නිසා වතුර හිදුන පරාක්‍රම සමුද්‍රය ඇතුලෙන් පරාක්‍රම රජුගේ සීත මාළිගය  බලා

සීත මාළිගය

කොහේ ගියත් රටේ දේ අගයක් නැති කාලකන්නිත් ඉන්නවනේ.මේ එහෙම එකෙක්ගේ වැඩක්

පරාක්‍රම සමුද්‍රය

මෙච්චර ලොකු වැවකට ඇවිල්ල නාන් නැතුව පුලුවන්ද
අපිටත් කලින් අපේ චන්ඩි දෙන්නව නැව්වා.


ඔන්න අපිත් නාන්නයි හදන්නේ.ඊට කලින් අයිස් එකක් කාලම ඉමු

මෙච්චර වෙලාවක් ආපු ගමනනම් ඉතින් නියමයි තමා.පැය දෙකක් විතර නැවට පස්සෙ තමයි රාහු කාලේ ලැබුවේ.

ප.ව. 4.30 ට පොළොන්නරුව සOචාරය නිමා කරමින් අපි නැවතත් ගම්බිම් බලා එන්න පිටත් වෙමින්>>>


පොළොන්නරුවෙන් පිටත් වෙලා විනාඩි 20ක් එන්න ඇති හබරන පැත්තට.හෙනහුරා ආවේ බවුසරේකම නැගලා.මොනවා කරන්නද වෙලාව තමා කියලා හිත හදාගම්මු.
එතනින් එහාට හිතාගන්න..
පොළොන්නරුවට සමුදෙන්න ගියාට සමු දෙන්න උනේ තවත් දවස් 3 කට පස්සේ තමා

අප දුටු ලOකාවේ පිරිසුදුම රජයේ රොහලක(පොළොන්නරුව මහ රොහල)ඇදක් මත.


රොහල පිරිසුදු වුනාට සේවාව ගැන කතා කරලනම් ඉතින් වැඩක් නැ.එකත් නොකියම බෑ.රජයේ රොහලකට ගෙනිච්චම මිනිස්සු මැරුනේ නැතත් බාගෙට මැරෙනවා.හැම එකකටම ඇද කියනවා නෙමේ ඔන්න.

තවත් දෙයක් මෙහෙම දෙයක් වුනාම උදවුවක් කරලා හිත හදනවට වඩා තැන තැන බැන බැන යන කට්ටියකුත් ඉන්නවනේ.එයාලවත් ආදරයෙන්  මතක් කරනවා.


තවත් කට්ටියක් ඉන්නවා එ තමයි ලෙඩාට මොකද උනේ අහන්න කලින් බයිසිකලේට මොකද උනේ අහපු කට්ටියව.එයාලවත් ආදරයෙන්  මතක් කරනවා.

 

තවත් කට්ටියක් ඉන්නවා එ තමයි ගෙදරින් කොච්චර බැන්නත් වෙලාවක් කලාවක් නොතකා ලෙඩ්ඩු බලන්න ගිය අපේ යාලුවො කට්ටිය.එයාලවත් ආදරයෙන්  මතක් කරනවා.

අපි මොන දේ කලත් අපිව දිවා රැ නොබලා බලගන්න දෙමාපියන්වත් ආදරයෙන්  මතක් කරනවා.

 

පොළොන්නරුවේත් දවස් 5ක් ගතකරලා,වතුපිටිවල සතියක්ම ගත කරලා,ගෙදර ඇදෙන් බැහැගන්න බැරුව සති ගානක් හිටිය එ ගමන කොහොම අමතක කරන්නද?කොහොම අමතක වෙන්නද?
එකයි කලින්ම කිව්වේ කොහොම අමතක වෙන්නද කියලා.

මේ දේ වුන සහොදරයන් නැවත ගමන් නොගියත්, මම නොනවතිමි.. 

                                                 බුදු සරණයි !!




6 comments:

  1. එල එල මැක්සා....

    ReplyDelete
  2. ඇක්සිඩෙන්ට් එකක් උනා කියල කව්ද ගමන් යන එක නතර කරන්නෙ

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතින් එ උදවියම තමා දන්නේ

      Delete
  3. Replies
    1. ස්තුතියි රුවන් අයියා

      Delete